info tag
udawalawe tag

 
 
 
 footprint  footprint  footprint
About
US
Contact
Us
Login
maduwanwela sinhala tab english tab

 මඩුවන්වෙල වලව්ව

blueline 


  • ඓතිහාසික මඩුවන්වල වලව්ව

  • මඩුවන්වල වලව්ව ස්ථානීය සැලසුම

  • මඩුවන්වල වලව්වට ළඟාවීමේ ප්‍රවෙශ මාර්ගය

  • පිහිටීම හා භූ විෂමතාවය

  • මඩුවන්වල වලව්වේ වාස්තු විද්‍යාත්මක හා ගෘහ නිර්මාණ ලක්ෂණ

  • මඩුවන්වල වලව්ව පිලිබඳ ජනප‍්‍රවාද

  • මඩුවන්වල වලව්ව ආශ‍්‍රිත අනෙකුත් ස්මාරක

  • ආශ‍්‍රිත ග‍්‍රන්ථ

ඓතිහාසික මඩුවන්වල වලව්ව
 

ක‍්‍රි:ව: 1700 දී මහනුවර රජකම් කල දෙවන විමලධර්මසූරිය රජසමය තෙක් දිවෙන දීර්ඝ ඉතිහාසයක් මේ වලව්වට ඇත. මෙම වලව්ව නිවස්නය කරගත් පරපුරේ මූලිකයා ලෙස සැලකෙනුයේ මඩුවන්වල වික‍්‍රමසිංහ විෙසුන්දර ඒකනායක අභයකෝන් මුදලිවරයාය. ඔහුට අයත් මුල්ම වලව්ව පිහිටා අත්තේ මෙම ඓතිහාසික වලව්වට ඔබ්බෙන් දකුනු දිශාවට වන්නට පිහිටි දෙදරන්ගමුව ප‍්‍රදේශයේදීය. එකී තිඹිරිගෙයි නටඹුන් කිසිවක් දැනට විද්‍යාමාන නොවනමුත් මඩුවන්වල වලව් පරපුරට අයත් සොහොනක නශ්ටාවශේෂ පමනක් විද්‍යාමනය. වර්තමානයෙ එය කුඹුස්ස සොහොන් භූමිය ලෙස හැන්දින්වේ.

වලව්වේ මුල්ම නිර්මණාත්මක සැලස්ම වී ඇත්තේ පොළව සකස් කරවා මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව විසි දෙරියන් ඩෙපිට බරාඳ ගෙයක් තනවා"වහලයට පිදුරු සෙවිලි කර බිත්ති වරිච්චි බැඳ මැටි ගසා කාමර 09ක් සහ මැද මිදුල් 02ක් ඇතුලත් වන සේ ගොඩනැගීමයි. මහ මොහොට්ටාල හා බිරිඳ එහි පදින්චි වී ටික කලකින් පුත් රුවනක් ලැබීය. මහ මොහොට්ටාලගේ අභාවයෙන් පසු පුන්චි මොහොට්ටාල නමින් ඔහු සිය පෙලපත ඉදිරියට රැුගෙන යන ලදී. මේ අවදියේ කන්ද උඩරට රාජධානියේ පාලකයා වූයේ දෙවන විමලධර්මසූරිය රජතුමාය. (ක‍්‍රි:ව:1687 -  1706)

මඩුවන්වල වලව්ව සහිත භූමි ප‍්‍රදේශය අක්කර දොලොස්දහස් පන්සියයකි. එය මඩුවන්වල නින්දගම ලෙස සැලකෙන අතර සන්නස් පත‍්‍රයක් මගින් එය පිරිනමා ඇත.

මඩුවන්වල වලව්වේ නිර්මාණ ආකෘතිය තුල එහි වහලයට උලූ සෙවිලි කිරීමේ කාර්යයද ඓතිහාසික ගමන් මගක සලකුණකි. කීර්ති ශ‍්‍රි රාජසිංහ රාජ්‍ය කාලයේදී විෙසුන්දර මොහොට්ටාල ලන්දේසින්ට එරෙහිව මාතර හා කටුවන සටන ජයගැනීම හේතුවෙන් සතුටට පත් රජතුම මොහුට මඩුවන්වෙල වලකඩගමනින්දගම සන්නසක් මගින් පවරන ලදී. කෙටි කාලයක් තුලදී ආක‍්‍රමණිකයන්ට විරුධව යුද්ධයට නායකත්වය දුන් නිලමෙවරුන්ට තම නිවෙස්වල උලූ සෙවිලිකර ගැනීමේ බලයක් රජු විසින් ලබා දෙනු  ලැබීය. මේ අවසරය ලබා දීමට රජ මාලිගා, ආගමික සිද්ධස්තාන ස්ථාන හැර වෙනත් කිසිදු සාමාන්‍ය නිවසකට උලූ සෙවිලිකිරීමෙ අයිතිය ලබා දී නොතිබිනි. මඩුවන්වල වලව්ව එසේ උලූ සෙවිලි කල පලමු නිවෙස වන අතර ප‍්‍රමුඛයායි. මේ අවසරය සමග ගොඩණගිල්ලේ ආකෘතියද වෙනස් කල විෙඡ්සුන්දර මුදලි ස්වදෙශීය වාස්තු විද්‍යා උරුමයට නව මානයක් එක්කලේය. මේ විශිෂ්ට ගෘහ නිර්මානයට තෙජස මුසුකල තරුණ විෙඡ්සුන්දර මුදලිගේ අතිනත ගනු ලබුවේ බලන්ගොඩ මහවලතැන්නේ වලව්වේ කුමාරිහාමිය. කන්ද උඩරට රාජ්‍යයට පක්ෂපාතී ප‍්‍රාදේශීය පාලකයෙකු වූ පුන්චි මොහොට්ටාල ඇඹිලිපිටියේ .

පල්ලේගම කාවන්තිස්ස රජමහා විහාරයටත් ඉඩම් පූජ කර ඇත. එඩිතර ප‍්‍රාදේශීය පාලකයෙකුද වූ පුන්චි මොහොට්ටාල 1844'09'06 වන දින මෙලොව හැර ගියේය. පුන්චි මොහොට්ටාල පරපුරේ අන්තිමයා වූයේ, ශ‍්‍රීමත් ෙඡ්ම්ස් විලියම් මඩුවන්වලය. ඔහු මහා දිසාපතිවරයෙකු ලෙස පලාතේ නමක් ඩිනා ගත් අතර දක්ෂ පාලකයෙකුද වේ.

ඔහුගේ පාලන සමයේ මන්මාවත් තැනීම, කුඹුරු ගොවිතැන් දියුණු කිරීම. කිරීම" වැව් අමුනු තැනවීම" වෙහෙර විහාර ඉඳි කිරීමද සිදු විය. ශ‍්‍රීමත් ෙඡ්ම්ස් විලියම් මඩුවන්වල දිසාවේ ඔහුගේ තීක්‍ෂණ බුද්ධිය නිසාම දෙස් විදෙස් වල මඩුවන්වල කළු කුමාරයාලෙස ප‍්‍රසිද්ධ විය.

ඔහුගේ එකම දරුවා කෙර මැණිකේ විය. ඔහුගේ පාලන සමයේදී තවදුරටත් මහනුවර සම්ප‍්‍රදායට අයත් ගෘහ නිර්මාණ ලක්ෂණ වලව්වට එක් වී ඇත. ඒ අනුව 1905 දී පෙති උලූ සෙවිලි කොට, කාමර 121කින්ද, මැද මිඩුල් 21කින්ද ආරක්ෂක පවුරු සහිත පිවිසුම් දොරටු 03 කින්ද අධිකරණ් ශාලවක් හා දඬුවම් දීම සඳහා අතපත්තු මඩුවක් සහිත අංග සම්පූර්ණ මන්දිරයක් නිර්මාණය කෙරුනි. මේ කිර්මාණයේ සුවිසල් හිමිකරුවා වූ ෙම්ස් විලියම් මඩුවන්වෙල විසින්ම දෙස් විදෙස් පරසිඳු පනාමුරේ ඇත් ගාලද පවත්වාගෙන ගියේය. කෙසේ නමුත් විශිෂ්ඨ සේවාවක හිමිකරු වූ ෙම්ස් විලියම් මඩුවන්වෙල 1930 සැප්තැම්බර් 06 වන දින මරණයට පත් විය. ඔහුගේ මරණින් පසු මේ තාක් මේ යෝධ නිර්මාණයට ඍජු හිමිකරුවෙකු නොවුනද මොලමුරේ පරපුර විසින් එහි දේපල ආරක්ෂා කරනු ලබයි. ඒ අනුව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප‍්‍රථම කතානායකවරයා වූ ඒ. එෆ්. මොලමුරේ මහතා විසින් මෙම වලව්ව කාලයක්   තම ආරක්ෂාව යටතේ තබා ගනු ලබීය. 1974 දී මේ අනර්ඝ ස්මාරකය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට පත්විය

මඩුවන්වල වලව්ව ස්ථානීය සැලසුම

  1. වලව්ව
  2. කාර්යාලය
  3. පැරණි ළිඳ
  4. වැසිකිළිය
  5. පැරණි වී අටුව
  6. පිවිසුම් දොරටුව
  7. බෝධිය
  8. ප‍්‍රාකාර බැම්ම - 02
  9. ප‍්‍රාකාර බැම්ම - 03
  10. ගල් උළුඅස්ස හා ප‍්‍රාකාර බැම්ම

මඩුවන්වල වලව්වට ළඟාවීමේ ප‍්‍රවේශ මාර්ගය

  1. කොළඹ- ඇඹිලිපිටිය (දළ වශයෙන් දුර කි: මී: 160)        
  2. ඇඹිලිපිටිය-කොලොන්න (දළ වශයෙන් දුර කි:මී: 24 - සූරියකන්ද නිම්නය)
  3. රත්නපුර-ඇඹිලිපිටිය මාර්ගයේ මාදම්පේ හන්දියෙන් හැරී රක්වාන" සූරියකන්ද) කොලොන්න හරහා කදල්ල දෙසට ගමන් කිරීම
  4. ගාල්ල-මාතර දෙසින් පැමිණෙන විට ඌරුබොක්ක" කදල්ල හරහා කොළොන්න

පිහිටීම හා භූ විෂමතාවය

ලංකාවේ මධ්‍ය කඳුකරයෙන් බටහිර හා නිරිතදිග දිශානුගතව සබරගමුව පළාත තුල එකිනෙකට තරමක් වෙනස් භූ විෂමතා ලක්‍ෂණ පෙන්නුම් කරයි. රත්නපුර දිස්ත‍්‍රික්කයේ කොලොන්න ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මඩුවන්වල ග‍්‍රාමයේ පිහිටි මෙම මඩුවන්වල වලව්ව ආශ‍්‍රිත ප‍්‍රදේශය බුළුතොට හෙල්වල නැගෙනහිර දිශානුගතව ගෙවීයන කඳුවැටි වල භූමි ලක්‍ෂණ දැකගත හැකිය. ඒ අනුව දළ වශයෙන් අඩි 1000 - 1800 අතර වූ භූමියේ උන්නතාංශය පිළිබඳ වූ විවිධත්වය මේ කුඩා බිම් කලාපය තුලින් දිස්වේ. එහි ඇති විශේෂත්වය වන්නේ කඳු වලින් වටවූ ද්‍රෝණියක ස්වරූපයක් දිස් වීමයි. අක්‍ෂාංශ ගත පිහිටීම දළ වශයෙන් උතුරු අක්‍ෂාංශ 6Ÿ 24' - 6Ÿ 25'හා නැගෙනහිර දේශාංශ 80Ÿ 11' - 80Ÿ 12'වේ. සබරගමු පළාතේ පිහිටීම හා භූ විෂමතාව අනුව ලංකාවේ උපරිම වර්ෂාපතනය ලැබෙන ප‍්‍රදේශ වලින් වැඩි කොටසක් මේ පළාතට අයත්ය.

එමෙන්ම වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 4400 වැඩි ප‍්‍රදේශ මෙන්ම මිලි මීටර් 1300ක් පමණ වන ඇඹිලිපිටිය වැනි ප‍්‍රදේශද මේ කොටසට අයත්ය. සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 20 සිට 35 පමණ දක්වා වෙනස්වන උෂ්ණත්ව පැතිරීමක් මෙම ප‍්‍රදේශය තුල දැකගත හැකිය. තෙත් දේශගුණික ලක්‍ෂණ වල සිට වියළි දේශගුණික ලක්‍ෂණ දක්වා විවිධත්වයක් මෙම කලාපය තුල දැකිය හැක්කේ ඉහත හේතූන් මතය.

තිරස් අතට දිවෙන උෂ්ණත්ව ව්‍යාප්තියේ හා භූ විෂමතාවයේ විවිධත්වය පදනම් වී බටහිර සිට නැගෙනහිර දෙසට ගමන් කරන්නෙකුට ශ්‍රී ලංකාවේ කඳුකර තෙත් වනාන්තර වල වසත් පහතරට වියලි වනාන්තර දක්වා වන වෘක්ෂලතා ව්‍යාප්තියේ විවිධත්වයද අත් විඳිය හැක. ඒ අනුව මඩුවන්වෙල වලව්ව ආශ‍්‍රිත ප‍්‍රදේශය තුල වියලි කලාපීය භූමිය වසාගත් බුරුත" මාර" කැටකෑල වැනි වටිනා වෘක්ෂලතා බහුලව දැකිය හැකිය. අතීතයේදී මේ ප‍්‍රදේශය පුරාම ඝන වනාන්තර ස්වරූපයක් ඉසිලූ බවද අලින්" මුවන්" ගෝනුන්" ඌරන්" කුලූ මීහරක් වැනි දැනට සුලභව දැකගත නොහැකි සතුන්ගේ ප‍්‍රභල ව්‍යාප්තියක් පවතින්නට ඇති බවද අනුමාන කල හැකිය. 

මඩුවන්වල වලව්වේ වාස්තු විද්‍යාත්මක හා ගෘහ නිර්මාණ ලක්ෂණ

  1. මහ බංගලාව හා පවුලේ කටයුතු සිදු කල ගොඩනැගිලි සංකීර්ණය
  2. රැස්වීම් ශාලාව හා බුරුත මාලිගය.
  3. අධිකරණ් ශාලාව
  4. පිවිසුම් දොරටුව හා ප‍්‍රාකර බැමි


සමස්ත ගොඩනැගිල්ල පිහිටුවා ඇත්තේ දුටුවන් නෙත් සිත් පිනවන රමණීය කඳුවැටි පෙලකින් වටවූ කපු කන්ද පාමුල මනරම් තැනිතලා භූමියේය. පිහිටි පොලවේ සිට අඩි 3 1/2ක් උසට වේදිකාවක් සේ පුරවා සකස් කරගත් පාදම මත මහනුවර සම්ප‍්‍රදායට අනුව මෙම ගොඩනැගිල්ල ඉඳිකර අත. ගොඩනැගිල්ලේ පැරණිම කොටස අරිටු කණු සිටුවා විශාල දැව කඳන් යට ලී වලට යොදා කැටයම් සහිත දැව කණු සහ පේකඩ ආලින්ද කොටසට යොදා නවහන්දි මූට්ටුවෙන් පුරුද්දා යට ලී පහක්ද, කාණු පරාල සහ පරාල ඊට සුවිශේශී ක‍්‍රමයකට සවිකර ඇත.

මහ බංගලාව හා සම්බන්ධ කොටසේ, වලව්වේ විසිත්ත කාමරය ඊට යාබදව ඇති වලව්වේ උදවියගේ පෞද්ගලික කටයුතු සඳහා කාමර සන්කීර්ණ ආදිය පිහිටා ඇත. මේ සන්කීර්ණයේ සියලූම ගොඩනැගිලි පිහිටි පොලවෙන් අඩි 03ක් පමණ උස්කර සකස් කරන ලද වේදිකාව මත ගල්වැටි මිශ‍්‍ර අත්තිකාරමක් මත වරිච්චි බිත්ති බැඳ වැලි, මැටි කපරාරු කොට සුදු හුණු පිරියම් කිරීමෙන් නිර්මාණය කර ඇත. උස් වූ අත්තිවාරමක් මත බිත්ති බඳීමේ විද්‍යාත්මක න්‍යාය නම් පොලවේ අති අධික තෙතමනය වරිච්චි බිත්ති මතට පැමිණීමෙන් වන හානිය වලකා ගනීමයි. බිත්තියක සාමාන්‍ය ඝනකම සෙ:මී: 35කි. මහ බංගලාව ලෙසහඳින්වෙන මේ කොටස ෂඞ් පට්ටම් හැඩයක් ගනී. මීට ඇතුලූ වීමට ප‍්‍රධාන දොරටුවකි. මේ දොරටුව පාමුල පාෂාණයෙන් කරන ලද අලංකාර සඳකඩ පහනකි.

වලව් ගොඩනැගිල්ලේ ඇති විශේෂත්වයනම් වහල කෙටි දුරක් තුල කුඩා පල වලට බිඳ සකස් කිරීමයි. මේ අයුරින් වහලේ පල 04ක් එකතුවන සෑම ස්ථානයකම මැද මිදුලක් වේ. මැද මිදුල දැව ආරුක්කු 12කින් හා ඉන් ........... .............. කුඩා ආරුක්කු සහිතව නිමවා ඇත. කුඩා ආරුක්කු හැඩතල 22ක් හා විවිධ ජ්‍යාමිතික හඩතල දකිය හැක. මේ වලව් ගොඩනැගිල්ලේ අති අනෙක් සුවිශෙෂීතාවනම් කිසිම කාමරයකට ජනේලයක් නොතිබීමයි. කාමරයට අවශ්‍ය පිරිසිදු වාතාශ‍්‍රය හා ආලෝකය මැද මිදුල මගින් ලැබෙන ආකාරයට නිම කර ඇත. මෙය එක්තරා ආකාරයට නූතන විද්‍යාවේ නව සොයාගැනීම් ලෙස හඳුනා ගත හැක.

නූතන වායු සමීකරණ කලාවේ ප‍්‍රවේශ ලක්ෂණ ශ‍්‍රි ලංකාවේ ඉපරණිම කලා නිර්මාණ වල අන්තර්ගතය. සීගිරි ජල උද්‍යානත්, වෙස්සගිරිය ජල ප‍්‍රවාහන පද්ධතියත්, මෙරට යෝධ නෙලූම් පොකුණු ක‍්‍රමයත් ඊට නිදසුන් කිහිපයක් පමණි. සෑම කාමරයකම දොරටු මැද මිදුලකට විවෘතය. මද මිදුලට සම්බන්ධවන වහල වල වැසි ජලය එකතු වීමට පීලි යොදා ඇත. එසේ මද පීලි වලට එකතු වන ජලය එක් එක් මැද මිදුල හරහා අභ්‍යන්තර කාණු මගින් සම්බන්ධ කර ගොඩනැගිල්ල යටින් පිටකර හැරීමට කටයුතු කර තිබේ. පවුලේ ජීවත් වූවන්ගේ තරාතිරම මත කාමර බෙදී යාම සිදු කර අත. මැද මිදුල් ආසන්නයේ අලංකාර රටා මැවෙන අයුරින් පිඟන් කැබලි භාවිතා කොට බිම් සැරසිලි යොදා ඇත. මොසැයික් කලාවලෙස හඳින් වෙන මේ නිර්මාණ කලාව ඉන්දියාවේ පවා ඉමහත් ප‍්‍රසිද්ධය. සිමෙන්ති කොලපු මත ඉතාම සූක්ෂම අයුරින් විවිධ රටාවන් සන්යමයෙන් යුතුව නිර්මාණය කර තිබීම ඉමහත් විශ්මය ජනකය.

මේ සරසිලි අතර මඩුවන්වල පරපුරට දැඩි ලෙස ඇලූම් කල අලි ඇතුන්ගේ රූප මෙන්ම, පකෂීන්ගේ රූපද නිර්මාණය කර තිබේ. මීට අමටරව නෙලූම් මල් හා වෙනත් මල් වර්ග වල හඩතලද වෙනත් ජ්‍යාමිතික රූ රටාඩ බොහෝ දැකිය හැක. රැුස්වීම් ශාලාව හෙවත් බුරුත මාලිගය"පිරිත් මණ්ඩපය ආදිය සම්පූර්නයෙන් කැටයමින් යුක්තය.

මඩුවන්වල දිසාවේ හා මඩුවන්වල වලව්ව වටා ගෙතුණු ජනප‍්‍රවාද

මඩුවන්වල ප‍්‍රදේශයේ විසූ රටේ මහතෙක් මඩුවන්වෙල දිසාව නමින් බොහෝ ජනප‍්‍රියත්වයට පත්ව සිටියේය. මඩුවන්වල රටේ මහත්තයා පිලිබඳ ඓතිහසිකව සඳහන්ව අති කරුණු ප‍්‍රමාණයට වඩා වූ තොරතුරු සමුදායක් අපට අසන්නට ලැබෙනුයේ ජනප‍්‍රවාද ඇසුරෙනි. මඩුවන්වල මහ දිසාවේ උපත ලබා ඇත්තේ 1844 වර්ෂයේය. ඔහු ඉපදෙන්නට පෙර පියා මියගිය බවද දින 7ක් ගෙවුණු තැන මවද මිය ගිය බව කියවේ.

මඩුවන්වල දිසාවගේ අණසකට යටත්ව තිබූ ප‍්‍රදේශයේ මිනිසුන්ට හිතුමනාපයේ කිසිඳු වැඩකට අත ගසන්නට ඉඩ ලබා දී නැත. එම වකවානුවේ කිසියම් පුද්ගලයෙකුට දැලි රැවුල බෑමට පවා මඩුවන්වල දිසාවගේ  අවසරය ලබා ගත යුතු බව ජනප‍්‍රවාදයක් පවතී.

ඉංග‍්‍රීසි ජාතික ඒජන්තවරයෙකු වරක් ප‍්‍රදේශීය සචාරක සේවයේ යෙදෙන අතරතුර මඩුවන්වල වලව්වට පැමිණ ඇත. මෙලෙස පැමිණි එම ඉංග‍්‍රීසි ජාතික ඒජන්තවරයා පැමිනියේ මඩුවන්වල දිසාවටද නොදන්වාය. මේ පිලිබඳ උරණ වූ මඩුවන්වල දිසාව එලෙස පැමිණි සුදු ඒජන්තවරයාට දොස් පවරා ආපසු යවා ඇත. රටේ මහත්වරුන්ට හා ඒජන්ත මහත්වරුන්ට භෝජන සංග‍්‍රහයක් ලබාදීමට කොලඹ රජ ගෙදර ආණ්ඩුකාරවරයා තීරණය කර තිබුණි.

රත්නපුර පලාතේ සිටි සියලූම රටේ මහත්වරු කොලඹට යෑමට පෙර රත්නපුර දිසාපති කාර්ය්‍යාලයට පැමිණෙන ලෙස දන්වා යවා ඇත. එහිදී සියලූ දෙනාම කලිසම් කෝට් වලින් සැරසී පැමිණෙන ලෙස දන්වා තිබුනද ඩඩුවන්වල දිසවේ  එම අණට කීකරු නොවී තමන්ගේම ඇඳුමකින් සැරසී පැමිණ සිටි නිසා භෝජන  සංග‍්‍රහයට සහභාගී වීමට ඉඩ ලබා දී නොමැත.

ලංකාවේ කලූ කුමාරයා පිලිඹඳව ජනප‍්‍රවාද.

මඩුවන්වල මහ දිස්සාවේ අලි ඇතුන්ට බොහෝ සේ අලූම් කල පුද්ගලයෙකි. මේ නිසාම ඔහු පණාමුරේ ඇත් ගාල ඉතාම උසස් ලෙස පවත්වාගෙන යන ලදී. මෙම ඇත් ගාල නැරඹීමට විදේශිකයින් දඩි උනන්ඩුවක් දක්වා ඇති අතර එලෙස පැමිණෙන පිරිස දැකීමෙන් දිසවේ මහත් ප‍්‍රීතියට පත්ව අත. ඊට හෙතු වූයේ .ඒ තුලින් තමගේ ගෞරවය, අභිමානය, පෞඩත්වය හා තේජාන්විත බව අන් අයට කියා පෑමට එයද එක් අවස්ථාවක් වන බැවිනි.එක් දිනක් මඩුවන්වෙල දිසාවේ තමුන්ගේ ඇත් ගාල බලන්නට පණාමුරයට යන ගමනේදී, එම ප‍්‍රදේශය නැරඹීමට යන විදේශිකයන් පිරිසක්දැක ඉතාම සතුටට පත්ව ඇත. එදින ඔහු රාජකාරි ස්වරූපයෙන් නොව සන්නාසි කෙනෙක් ලෙස ගමන් කර ඇත. විදේශීය පිරිස දුටු දිසාවේ මේ මහත්තුරු කොහාටද යන්නේ?” යයි සතුටින් අසා ඇත. එවිට එම විදේශකයින් අපි වැදගත් මිනිස්සු. අපි යන දිහාවල් දැනගන්න උඹට තියෙන අයිතිය මොකක්ද? පැත්තකට වෙයන් නාකි මිනිහායැයි පවසා ඇත. තමා බොහෝ කරුණාවෙන් කතා කලද ඔවුන්ගේ මේ නොමනා හැසිරීමෙන්, කතා බහින් දැඩි කෝපයට පත් දිසාවේ බලාගෙන ඉඳිල්ලා වෙන්නේ මොකද කියලාදිසාවේ ඔවුන් යන ගමන්මග හරස්කර බස්තමෙන් ඉරක් ඇන්දේය. මම කාගේ කව්ද? නාකියෙක්ද? නැද්ද? කොහොම මිනිහෙක්ද කියලා බලා ගන්න පුලූවන්. පුලූවන්නම් මේ ඉරෙන් මෙහා පැත්තට පැනහල්ලා.මේ අතරතුර දිසාවගේ කෙටි අනින් කැති මුගුරු රැගත් පිරිස සුද්දන් වතකර ගත්තේය.අතිශය බියට පත් වූ සුද්දන් පිරිස තැති ගෙන වෙව්ලන්නට විය. උඹලට දැනටමත් දාඩිය දාලා. මම තමයි මඩුවන්වල මහ දිසාවේ. ලංකාවේ කලූ කුමාරයා. උඹලා බලන්න යන ඇත් ගාල මගේ. එතනට යන්න උඹලාට අවසර නෑ. ආපස්සට පලයල්ලා. විදේශිකයන් හිස් අතින් ආපසු ගිය බවට ජනප‍්‍රවාදයකි.

මධ්‍යකාලීන ශ‍්‍රී ලංකාවේ සුපිරි නිර්මාණයක් වූ මඩුවන්වෙල වලව්ව හා එහි පාලකයින් එම ප‍්‍රදෙශයේ දේශපාලන බලය පැතිරුවාලූ කේන්දස්ථානය විය. එවකට පැවති මධ්‍යම ආණ්ඩුවේ බලයට කෙසේ හෝ සමීප වන මෙහි විසූ මුදලිවරුන් පලාතේම සිය ආධිපත්‍ය පතුරුව ඇත. ඔවුන්ගේ ඉහට ඉහලින් මැස්සෙකුටවත් ඉගිලී යන්නට අවසර ලැබී නැත.

 

 

මඩුවන්වල වලව්ව ආශ‍්‍රිත අනෙකුත් ස්මාරක

සොහොන්

මඩුවන්වල පරපුරට අයත් සොහොන් ස්ථාන දෙකක දක්නට ලබේ. මඩුවන්වල වලව්වේ ගල් උලූවස්සට දකුණු පසින් සොහොන් දෙකක් වේ. සෙසු සොහොන් පිහිටා ඇත්තේ වලව්වට කි:මී: 01ක් පමණ දුරින් දෙදරංගමුව ග‍්‍රාමයේය. කුඹුස්ස සොහොන් භූමිය ලෙසින් හඳුන්වන මෙම සොහොන් මඩුවන්වල පරපුරේ පැරණිතම සොහොන්ය. මඩුවන්වල වලව් භූමි පරිශ‍්‍රයේ පිහිටුවා අති සොහොන් වල එම පරපුරේ අවසාන පාලකයා වූ මහා දිසාවගේ හා ඔහුගේ දියණිය වූ කෙරමැණිකේගේ භෂ්මාවශේෂ තන්පත් කර ඇති බව කියැවේ.

ශ‍්‍රී මුදලින්දාරාම ටැම්පිට විහාරය

කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ සමයේ (ක‍්‍රි:ව:1764* මඩුවන්වල පරපුර විසින් මේ විහාරය ඉඳිකරවා ඇත. මේ විහාරය ඉඳිකිරීමට පෙර පැවති පන්සල පිහිටියේ මීට ටික දුරකින් නැගෙනහිර දිසාවේ ගලා බසිනා කිතුල බෝකු ඔය ඉවුරෙහිය.

ගල්කණු 25ක් මත ඉඳි කර ඇති ටැම්පිට විහාරය ඇතුල් මාලය සහ පිට මාලය ලෙස කොටස් දෙකකින් සමන්විත වේ. මේ පිලිම ගෙය තනි මහලේ කුඩා ගෙයකි. ප‍්‍රධාන පිවිසුම් දොරටුවෙන් ඇතුල් වූ පසු හේවිසි මණ්ඩපයද ඉන්පසු දිග්ගෙයි කොටසද ඊටත් ඇතුලතින් ලී පඩිපෙලකින් සමන්විත ටැම්පිට විහාරය වෙයි. මේ ටැම්පිට විහාරයේ ගෙබිම අන් පිලිම ගෙවල් වලට වඩා විශේශත්වයක් ඩකගත හැකිය. එනම් ගෙබිම දැව තට්ටුව නොපෙනෙන පරිදි අලන්කාර ලෙස පිඟන් ගඩොල් අල්ලා තිබීමය. මේ පිඟන් ගඩොල් මඩුවන්වල පරපුරේ විශිෂ්ඨයෙකු වූ මඩුවන්වල මහ දිසාවේ සඳහාම විදේශයකින් ගෙන්වා ඇති බව ජනප‍්‍රවාදිතය.

පණාමුරේ ඇත් ගාල

අලි ඇතුන් අල්ල හීලෑ කිරීමේ කලාව ඉපරණි වූවකි. අති දුශ්කර මෙන්ම ඉතා භයන්කර ක‍්‍රියාවලියක් වූ මෙය නරඹන්නන්ට විනෝදයත්, කුතුහලයත්, සන්ත‍්‍රාසයත් රැුගෙන එන්නකි. ශ‍්‍රී ලාන්කීය ඇත් ගාලේ කතන්දරය හා සබැෙක්‍ෂන ඊට යාවෙන මඩුවන්වල ඇත් ගාලද සුවිශේෂීය. පනාමුරේ ඇත්ගාලේ සංයුතිය ඇත්ගාල් 20කි. ඊට අලි ඇතුන් විශාල ප‍්‍රමාණයක්ද අතුලත් වුණි. ඇත් ගාලක් තබා දිනකට එක් අලියෙකුට අවශ්‍ය ආහාර පාන සම්පාදනය පවා දුෂ්කර වාතාවරණයක මඩුවන්වල වලව්ව සතු එවකට ධනයේ හා බලයේ තරම වටහා ගත හැකිය. ඈත වනයේ සිට වල් අලින් ගාල දෙසට පන්නගෙන එන බිහිසුණු ක‍්‍රියාවලියට මිනිසුන් 1800ක් පමණ දෙනා අවශ්‍ය බව කියැවේ. අලි ඇතුන් මෙල්ල කිරීමට ලණු, කඹ, දම්වැල් මෙන්ම අවි ආයුධ සපයන්නන් අවශ්‍යය. ඊට අමතරව හීලෑ අලි ඇතුන් අයිති කරුවන්, ගිනිමැල ගසන්නන්, පණිවුඩ ගෙන යන්නන්, යන්ත‍්‍ර මන්ත‍්‍ර දන්නවුන් ආදී දහසක් දෙනා අවැසිය.

අලි ගාල් කිරීමටද දේශගුණික වටපිටාවක් අවැසිය. ග‍්‍රීෂ්ම සමය ඊට කදිමය. දැඩි නියඟයෙන් පීඩාවට පත් වන අලි රන්චු කුඩා දිය කඩිති වලට පවා ඇදී එති. පණාමුරේ ඇති අධික සීතල සහිත පාරිසරික වටපිටාව විද්‍යානුකූලව ප‍්‍රයෝජනයට ගත් මඩුවන්වල වලව්වේ පාලන අධිකාරිය අලි අතුන් කොටු කර හීලෑ කර වෙළඳාම් කලහ. විශාල දිය උල්පත් මැදිකර පොකුණු ලෙස බඳවා අක්කර 06ක වපසරියක ඇත් ගාල පිහිටුවීමෙන් ඇත් ගාලක පරිමාව තෙරුම් ගත හැකිය. 1920,1930,1940 දශක වල මෙරට ඇත් ගාලෙ කතන්දරයේ ස්වර්ණමය අවධිය වූ අතර 1950 දශකයෙන් පසු එය ක‍්‍රම ක‍්‍රමයෙන් බිඳ වැටුණි. ෆ‍්‍රැන්සිස් මොලමුරේ මහතා විසින් ද අවසන් වරට ඇත් ගාලක් බඳවා ඇත්තේ 1950 දීය. නූතනයෙදී ඒවායේ විශාල ගම්මාන නිර්මණය වී ඇත. මේ නිසා ඇත් ගාල පිලිබඳ දෘශ්‍ය සාක්ශි බොහොමයක් අතුරුදහන්ය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

  1. සබරගමු වංශකතාව - 2003 , වෙළුම
  2. සබරගමු වංශකතාව - 2003 ,, වෙළුම
  3. සබරගමු දර්ශනය - 1967
  4. ශ‍්‍රී ලන්කාවේ වලව් නාමාවලිය - 2006
  5. ඓතිහාසික රත්නපුර සබරගමු උදාන
  6. උඩරට බිතුසිතුවම් කලාව - 2006
  7. පුරා විද්‍යා දෙපාර්තමේන්තු පාලන වාර්තා - 1920/1930/1940/1950

 

maduwanwela

Gallery